රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 50කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.
යුක්‍රේනයේ වයඹ දෙසින් පිහිටි ටර්නොපිල් කලාපය සහ කියෙව්, ලුට්ස්ක් යන නගරයන් ප්‍රහාරයේ ඉලක්ක වී තිබුණා.
විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ මෙම ප්‍රහාරය සඳහා ඊශ්‍රායල ඩ්‍රෝනයානා 400කට අධික සංඛ්‍යාවක් සහ මිසයිල 40කට අධික සංඛ්‍යාවක් භාවිත කර ැති බවයි.
යුක්‍රේනය විසින් රුසියාවට එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව රුසියාව විසින් මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරන්නේ.
කියෙව් පාලනයේ ත්‍රස්ත ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසට මෙම ප්‍රහාරය එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ප්‍රහාරය සඳහා ඉහළ නිරවද්‍යතාවයකින් යුතු දිගු දුර ගුවන්, මුහුදු සහ ගොබිම් අවි මෙන්ම ප්‍රහාරක ඩ්‍රෝන යානා සමග මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කළ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.