යුක්රේන සාම සැලැස්ම පිළිබඳ අමෙරිකාව සමග සාකච්ඡා ඵලදායී නමුත් භූමිය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර නොගත් බව රුසියාව ප්‍රකාශ කළා.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අමෙරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර එකඟතා ඵලදායී නමුත් තවත් සම්පූර්ණ කළ යුතු බොහොමයක් දෑ පවතින බවයි එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ.
මොස්කව්හීදි මෙම සාකච්ඡාව පැය 05කට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.










