යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40 ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කර තිබෙනවා.
ඊට අදාළ ලියකියවිලි ඊයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන් මහතා වෙත භාරදීම සිදු කෙරුණා.
ඒ අනුව, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර 20 ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15 ක් සහ යාපනය – කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5 ක් සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම, අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.