යාපනය ප්රදේශයේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, යාපනය ශීක්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු දින දෙකක් තුළ හදිසියේ මිය යාම හේතුවෙන්.
මිය ගිය පුදගලයින් වයස අවුරුදු 42, 32 සහ 28 යන වයස් කාණ්ඩවල පසුවූවන් බව අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මරණයට හේතු වූ බව කියන උණ රෝගය නිශ්චය වශයෙන් හඳුනාගැනීමට පෙර ඔවුන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.