යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. මේ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරුපැදියක් ගිනි තබා තිබු බවයි සඳහන් වන්නේ. එහිදී පොලීසියටද ගල් – මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි පොලීසිය සිදු කළ මුලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- එස්.ටී.එෆ්. නිලධාරීන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට
- සරසවි සිසුවියකට අතවරයක්
- ත්රීරෝද රථයක් පෙරලී රියදුරු මරුට
- ගසක අත්තක් වැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට
- විදේශ රැකියා පුහුණු සහතික හොරට සැකසූ ආයතනයක් අත්හිටුවයි
- අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මාරක රිය අනතුරින් 34 හැවිරිදි එක්දරු පියෙක් මරුට
- කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්













