විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විදුලිය ඒකකයක් උත්පාදනය සඳහා මේ වන විට රුපියල් 56.90ක් වැය වුවද මේ වන විට පාරිභෝගිකයාගෙන් අය කෙරෙන්නේ රුපියල් 29ක් බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු අවධාරණය කළේ ඒ අනුව ඒකකයකින් රජය ලබන පාඩුව රුපියල් 27.10ක් බවයි.
මහජන උපයෝගිතා කොමිසම නිසි ලෙස වසරින් වසර හෝ නිශ්චිත කාල වකවානුවක දී විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීමේ දැවැන්ත බර පාරිභෝගිකයාට දැරීමට සිදුව ඇති බවට ද අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනා කළා.
උණුසුම් පුවත්
- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්













