කොළඹ වරාය තුළ යළි බහාලුම් රථ තදබදයක් මතුවෙමින් පවතින බව බහාලුම් රථහිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල මහතා මේ බව කියා සිටියේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මංජුල මහතා කියා සිටියේ රේගු දෙපාර්තමේන්තුවේ නිලදාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
එසේම ශ්‍රී ලංකා වරායට අයත් භූමියේ කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන් කරදී තිබුණද මෙතෙක් එකම රථයක්වත් ඊට ඇතුළත් කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ නිසා කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම බහාලුම් තදබදයක් යළි ඇති වුවහොත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට යාමේ අවදානමක් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම්වල තිබීම නිසා ඒවා කල් ඉකුත්වීමේ අවදානමක් ඇති බවද බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා කියා සිටියා.