යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා. 2024 – 2025 මාස් කන්නයේදී සිදු කළ මිල නියාමනයට අනුව මෙම මිළදී ගැනීම් සිදු වනු ඇති. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 ක මුදලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 ක මුදලකටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ක මුදලකටත්, මිලදී ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ. එමෙන්ම මෙවර තෙත වී සඳහා ද අවම මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් එම ක්‍රියාවලිය දියත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව තෙත වී කිලෝවක් රුපියල් 102 ක මුදලකට මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














