ලියාපදිංචි නොකළ යතුරු පැදි 03 ක් සොරා ගත් සැකකරුවෙකු ගලෙන්බිදුණුවැව ප්රදේශයේදි කැබිතිගොල්ලෑව කොට්ඨාස බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හුරුළුනිකවැව, ගලෙන්බිදුණුවැව ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.
පසුගිය 28 දා සවස කැබිතිගොල්ලෑව කොඨටාස බුද්ධි නිලධාරියෙකු හට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අඩංගුවට ගනු ලැබුවා.
ඔහු කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ගලෙන්බිදුණුවැව ප්රදේශයේ දිගින් දිගටම යතුරු පැදි සොරකම් සිදු වන බවට පොලිසියට පැමිණිලි ලැබි ඇති අතර ආසන්නම සිදු වීම ලෙස පැමිණිලි වී ඇත්තේ කාන්තාවකගේ යතුරු පැදියක් සොරාගත් සිදුවීමයි .
එහි විමර්ශණ කටයුතු ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවර්ධන මහතා ඇතිලු
විශේෂ කණ්ඩායමක් විසින් සිදු කරමින් පවතනවා.