ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(07) දින උදෑසන සිදු වූ අනතුරකින් යතුරු පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව දිඹුලපතන පොලිසිය පවසනවා.
තලවකැලේ සිට හැටන් දක්වා සහ හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරු පැදි දෙක කොටගල නගර මධ්‍යයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරු පැදිකරු එම දිශාවටම ධාවනය වූ ත්‍රීරෝද රථ්‍යක් ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දිඹුලපතන පොලිසිය පවසන්නේ.
අනතුරින් යතුරු පැදි දෙකටම බරපතල හානි සිදුව ඇති අතර අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.