දංඕවිට හන්දිය ආසනයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දංඕවිට හන්දිය ආසන්නයේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන ලද යතුරු පැදියක්, පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් පසුපැදිකාරිය මාර්ගයට ඇදවැටී කොළඹ සිට නුවර දෙසට ධාවනය කරන ලද ටිපර් රථයකට ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පසුපැදිකාරිය වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් පමණ වූ සූරියපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.