යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25 ක් වූ ඌරාව, රොටුඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. පනාමුර, මිද්දෙණිය මාර්ගයේ වළල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














