නිවෙසකට බලහත්කාරයෙන් ඇතුල් වූ පුද්ගලයෙක් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසනවා.
මරණකරු අද අලුයම බලහත්කාරයෙන් දොර කඩා දමා අදාල නිවසට ඇතුල් වී තිබෙනවා.
එහිදී ඇති වූ ආරවුල මත නිවසට පැමිණි සැකකරු නිවෙස් හිමියාට පොල්ලකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.
ඒ අවස්ථාවේ නිවෙස් හිමියා මෝල්ගසකින් පහරදීම නිසා පහරකෑ තැනැත්තා එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ නිපුන් සංජුල නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධියේ සැකකරු නිවස තුළදීම පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියකු බවයි පොලිසිය සදහන් කලේ.
සැකකරුගේ දියණිය හා මරනකරු අතර පැවති ප්‍රේම සම්බන්ධයෙක් ආරවුලට හේතුවී තිබෙන බව පැවසෙනවා. රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.