ඉන්දු – පාකිස්ථාන ගැටුම්වලට විරාමයක් ලැබීමෙන් දින කිහිපයකට පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පළමුවරට ජාතිය අමතා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කළේ, අනාගතයේදී ඉන්දියාවට එරෙහිව තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවුවහොත් තම රට ද ඊට දැඩි ලෙස ප්‍රතිචාරයක් දක්වන බවයි.
පසුගියදා කාශ්මීරයේ පෙහෙල්ගම් හි සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගිය අතර, මේ හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද ගැටුම් හටගත්තා.