ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතියදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(14) නියෝග කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මොවුන් අත්අඩංගුවට ගැනුණා.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් සහ කළමනාකාර සහකාරවරු දෙදෙනෙක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කළ සැකකරුවන් එක් එක් සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.