ජීව පතරොම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ නාඋල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මත ඊයේ(11) දින මොරගහකන්ද ජලාශය ආශ්‍රීත ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් සිදු කර මෙම පතරොම් තොගය සොයාගෙන තිබෙනවා.
එහිදී විවිධ වර්ගයේ ජීව පතරොම් 448ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම ජීව පතරොම් කවුරුන් විසින් මෙම ස්ථානයට ගෙනවිත් සඟවා තබුවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාඋල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.