මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් ජීව පතොරම් 400 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොරගහකන්ද ජලාශයේ ධීවර සමිතියට අයත් ධිවරයෙකු පොහොර උරයක පතොරම් තොගයක් පවතින බවට නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාට දැනුම්දීමක් සිදු කර තිබුනා.
ඒ අනුව මෙම පතොරම් තොගය උප පොලිස් පරික්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ජීව තත්ත්වයේ පවතින මෙම පතොරම් අතර ටි 56 සහ වෙනත් ගිනි අවි වලට යොදා ගන්නා ජීව පතොරම් ද වන බවයි පොලිසිය සදහන් කලේ
මේ සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදුකරනු ලබනවා.