ඇලස්කාවේ ඇලූටියන් දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා.
නෞකාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800 ක් ඇතුළු වාහන 3,000 ක් රැගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.
ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 කු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වීමටයි කටයුතු කර ඇත්තේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් මුදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.