හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ ප්‍රකාශයන් බව සදහන් කරමින් අසත්‍ය තොරතුරු සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සදහන්කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරන ලද දැනුම්දීමකට අනුව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් බවයි.
ඒ අනුව එම ප්‍රකාශයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය යන්ගේ සහ සමාජ මාධ්‍යයන් තුළ නොයෙකුත් ආකාරයේ අසත්‍ය හා විකෘති තොරතුරු පලවන බවයි ඔහු එම නිවේදනයෙන් සදහන් කර සිටින්නේ.
එබදු සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන පක්ෂයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපකීර්තියට පත් කිරීමේ උත්සාහයන් හා සැළසුම් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














