මෙම වසර අවසන්වීමට පෙර දිවයිනේ ග්‍රාමීය මාර්ග 1800ක් සංවර්ධනය කරන බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මිලියන 5000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබාදී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එසේම ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරනවන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල්ල ප්‍රදේශයේදී එක්වෙමිනි.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දක-ණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මීට සමාගමීව දිවයින පුරා ස්ථාන 57කදී ග්‍රාමීය ව්‍යාපෘති 57ක වැඩකටයුතු ආරම්භ කෙරුණා.
අමාත්‍යවරයා එහිදී සිදු කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.