Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ

    මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ

    2025-07-03කියවීමට මිනිත්තු 3ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ රෑ වන විට ගල්කිස්ස වෙරළතීරයට මෘත ශරීරයට ගොඩ ගසා ඇති බවත් ඊට අමතරව කදාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් ජීවිතයක් අහිමි වී ඇති බවත් කාලයක් පුරාවටම අප රටේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මේ පිළිබඳ රජයෙන් ප්‍රශ්න කර දැනුවත් කළත් ආණ්ඩුවට මේ ගැන උත්තර නොමැති බවත් රටේ නීතිය හා සාමය, අපරාධ මැඩලීම ගැන රජයට අදහසක් නොමැති බවත් නීතිය හා සාමය ස්ථාපිත කරන්නට, මහජනතාවගේ ආරක්ෂාව ස්ථාපිත කරන්න වැඩපිළිවෙළක් දර්ශනයක් නොමැති රජයක් අද රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි උපසම්පදා විනය කර්ම වැඩපිළිවෙළ යටතේ 400කට වැඩි ගෞරවනීය සාමනේරයන් වහන්සේලා පිරිසක් අනුරාධපුර දී උපසම්පදා කිරීමේ අවස්ථාව සදහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

    මනුෂ්‍ය ඝාතන අඛණ්ඩව සිදුවන බවත් මැරකල්ලි, පාතාල කල්ලි, කුඩු ජාවාරම්කාර කල්ලි, විවිධ මර්ධනකාරී කල්ලි, නාදුනන තුවක්කුකරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරට මිනිස් ඝාතන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සමාජය තුළ ජීවත් වීමේ අයිතිය නොමැති බවත් ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    අද ජාතික ආරක්ෂාව අනතුරේ

    ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු මැති ඇමතිවරු අද නොහැකියාවෙන් පෙළෙන රජයට මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ගන්න බැරිව මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් මේ සමූල ඝාතන සිදුවන විට මිනිස් ඝාතන වෙඩි තැබීම් සිදුවන විට මේවා ජාතික ආරක්ෂාව බල නොපාන බවට රජය කියමින් යන බවත් නිවසේදී මහමගදී වැඩ බිමේ දී අධිකරණයේ දී පවා වෙඩි තබන තැනට රට පත්ව ඇති බවත් මේවා නතර කිරිමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතිය වල් බිහි වී නීතියේ ආධිපත්‍ය නැති වී මැරකල්ලිවල මිනිමරු සංස්කෘතියේ ආධිපත්‍ය ගොඩනැගී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    නීතිය හා සාමය ස්ථාපිත කරන්න

    අද රටේ ජනතාව ජිවත් වන්නේ බියෙන් සැකයෙන් බවත් ලොකු තිගැස්මකට ලක්ව බවත් මේ කරුණු ගැන රජයට කිසිදු පැහැදිලි පියවරක් ගත නොහැකි බවත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක් බවත් පොරොන්දු පවා කඩ කළ මේ ආණ්ඩුවට නීතිය සාමය සදාචාරය ආරක්ෂා කර ගන්න නොහැකි වී ඇති බවත් එම නිසා නිදිමරගාතේ නොසිට නීතිය හා සාමය ස්ථාපිත කරන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    අද ගොවියා අනාථයි

    ඊට අමතරව ගොවියාට කිසිදු සහනයක් නොමැති බවත් ගොවි ජනතාව වෙනුවෙන් කතා කර ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටි සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර වත්මන් රජය පත් කර ගත්තත් අද වන විට මේ රජය ගොවියා නන්නත්තාර කර ඇති බවත් ප්‍රමිතියෙන් ඉහළ බීජ පවා නොලැබෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර පවා නොලැබෙන බවත් කෘෂි උපකරණ සදහා වැය කරන මුදල පවා ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ගොවියා රජකරවීම කෙසේ වෙතත් වදුරන් ගනින්නනම් රජය දක්ෂයි

    වී සදහා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් ඒ සදහා පනතක් ගෙන එනවා කිව්වත් කෘෂිකර්මාන්ත විෂය බාර අමාත්‍යවරු වදුරෝ පස්සේ යන බවත් විශාල මුදලක් වෙන් කර ව්‍යාජ සමීක්ෂණ සිදු කළත් ගොවියා වෙනුවෙන් කිසිත් කර නොමැති බවත් පොහොර පවා සාධාරණ මිලකට ලබා දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    හාල් ගේන්නෑ කියලා දැන් රටින් හාලුත් ගේනවා

    පිටරටින් සහල් ගෙන්නේ නෑ කියා මැතිවරණ සමයේ කෑමොර දුන් රජය පිටරටින් සහල් ගේන තැනට පත් වී ඇති බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අද මෙටික් ටොන් 40000ක් පමණ සහල් ගෙන්වන බවත් ලුණු සහල් ආදී සෑම ගැටලුවක දීම මේ රජය අපොහොසත් වී ජනතාවගේ ජන ජීවිත පහතට දමා ඇති බවත් හැමදාම සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් හඩ නැගූ බවත් ඉදිරියටත් එසේ හඩ නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සත්‍ය ජය ගන්නවා

    රටේ ජනතාව සත්‍ය යථාර්ථය අවබෝධ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු පත් කිරීමේ දී බලපෑම් එල්ල වී ඇති තැන් ගැන ජනතාවට අවබෝධ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීති පියවර ගන්නා බවත් එබැවින් සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    පෙර පුව​තඅණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
    ඊළඟ පුව​ත තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group