වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මස සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(07) දින අයවැයේදී යෝජනා කිරීම සතුටට කරුණක් බව වතුකරයේ ජනතාව පවසනවා.
මෙතෙක් කල් වතුකරයේ ජනතාව උද්ඝෝෂණය කරමින් වැඩ වර්ජනය කරමින් රුපියල් 50 100 වැනි සොච්චම් පඩි වැටි කිරීමක් කළ බවත් වත්මන් ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දුව එලෙසම ඉටු කරමින් වතු සමාගමෙන් රුපියල් 200ක්ද රජයෙන් දිරි දීමනා වශයෙන් රුපියල් 250ක් ඇතුළු රුපියල් 1750ක වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් රජයට සිය ස්තුතිය පුද කරන බවයි ජනතාව කියා සිටියේ.











