2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් දෙලක්ෂ තිස් හත් දහස් විසි හය දෙනෙකු උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. එම අගය විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට හැත්තෑ තුනයි දශම හතරයි පහක ( 73.45% ) ක ප්‍රතිශයක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම සියලුම විෂයන් සඳහා A – සාමාර්ථ නවයම ලබා ගත් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් 13,392 ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා. එය ප්‍රතිශතයක් ලෙස සියයට හතරයි දශම එකයි පහක ( 4.15% ) අගයක්.