මෙම වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ’මෙලිසා’ සුළි කුණාටුව මේ වන විට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත් කර තිබෙනවා.
කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, එය සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනක්.
මේ වනවිට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙනවා.













