මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා
ඒ පෙරවරු 9.30 ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී එම උත්සවය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ
මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය වනවා
මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.