නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍ර ී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ධීවරයින් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායේ සිට මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත මෙම ඉන්දීය ධීවරයින් දස දෙනා සහ ඔවුන්ගේ යාත්‍රාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුව ගත් පිරිස සහ යාත්‍රාව කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබුවා.
මෙම පිරිස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත අතර අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














