කිලිනොච්චිය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 68 හැවිරිදි වියේ පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචිකරුවෙන් වන අතර, ඔහු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













