මෙරට දරුවන්ගෙන් 50%ක් දිනකට දෙවරක් දත් නොමදින බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය් සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා පවසනවා.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
හඬ පට ධාවකයඑහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කුඩා දරුවන් හා ගැබිණි මව්වරුන් නිතර නිතර ආහාර ගන්නා බැවින් දත් දිරායාමේ වැඩි ප්‍රවනතාවක් ඔවුන් තුල පවතින බවයි.
එබැවින් පැණිරස ආහාර ලබා ගැනීමේදී එය පැය දෙකකට වරක් සිමා කල යුතු බවයි ඒ මහතා සඳහන් කලේ