ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 2.7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි මේ බව දැක්වෙනවා.
මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූයේ සියයට 2.1 ක් ලෙසයි.
සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී සියයට 4.1 ක් දක්වා වැඩි වී ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.
එමෙන්ම සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී සියයට 1.5 ක් දක්වා වැඩි වී ඇති බවද සදහන්.












