මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේල පසුගිය වසරේ මාස 06ට සාපේක්ෂව මෙම වර්ධනය සිදුව ඇති බවයි.
කලාපයේ අනෙකුත් රටවල් සමග තරගකාරී ලෙස මිළ ගණන් පවත්වාගෙන යාම මත ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකිවූ බවයි කළමණාකර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේ.