අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ද සහභාගී වී තිබෙනවා.