මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන් හී ඊයේ විරෝධතාවක් පවත්වා තිබෙනවා.
විරෝධතාවය සදහා අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
පසුගිය 08 වන දින ඩෙල්ෆ් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුව ධීවර කටයුතු කිරීමේ චෝදනාව මත ධීවරයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනා.
පසුව ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ