2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96 කින් වර්ධනය කර ගැනීමට ශ්රි ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වුණා.
එමෙන්ම 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී තිබෙනවා.
2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට ඩොලර් මිලියන 4,669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්, අයෝජන මණ්ඩලයේ නිලධාරී මෙහිදී පෙන්වා දුන්නා.