Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සලේගේ මෝසම ගැන නියෝගය අද

    2026-06-10

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙන්න මේ ප්‍රදේශවල ඉන්නවා නම් මේ නිවේදනය ඔබ වෙනුවෙන්මයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

    සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සුළඟ

    සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට එබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා ැවඩි විය හැකි අතර, ත්‍රීකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

    ආශ්‍රීත පුවත්:  මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

    ත්‍රීකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ක් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

     

    weather
    පෙර පුව​තමුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    සබැ​ඳි පුවත්

    සලේගේ මෝසම ගැන නියෝගය අද

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සලේගේ මෝසම ගැන නියෝගය අද

    2026-06-10

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group