
මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියක් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිනෙවා.
වෙළෙඳ නාමයක් යොදාගනිමින් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපයිය හැකි බව පවසා මුදල් රුපියල් 426,300ක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරීගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් උප ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව මෙම වංචාවට අදාළව සැකකාරියක් ජුනි 08 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර වංචා කරන ලද මුදලින් රුපියල් 426,300ක මුදලින් ඇයගේ ගිණුමට රුපියල් 186,500ක මුදලක් බැර කර ගනිමින් මුදල් වංචාවක් කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සැකාකරිය වයස අවුරුදු 28ක් පමණ වන උඩුගම්පල, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පලාත් උප ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














