ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
2025 අයවැය මගින්ද යෝජනා කෙරුණේ පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා සුවපහසු දියුණු තාක්ෂණයෙන් යුතු බස් රථ හඳුන්වාදීමටයි.
බස්නාහිර පළාතේ කොළඹ සිට මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ගයන්හි මෙම බස් රථ ධාවනයට එක් කෙරෙනු ඇති.
මෙහි විශේෂත්වය වන්නේ පහත් පිවිසුම් සහිත වීමයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.