මෙක්සිකෝවේ – ක්වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.