මුහුදේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(05) උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10ක් සොයාගෙන ඇති බවයි.
මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 10ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑස් මත්ද්‍රවය බවට හඳුනාගෙන ඇති අතර සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 11 ග්‍රෑම් 759ක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති බවද පොලිසිය පවසනවා.
මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.










