මුහුදු මට්ටම 2022 වසරේ සිට 2023 වසර දක්වා අඟල් 0.3කින් පමණ ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා.
ඒ දේශගුණය සහ ප්‍රබල එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් බවයි වාර්තා කරන්නේ.
1993 වසරේ සිට 2023 දක්වා ගෝලීය සාමාන්‍ය මුහුදු මට්ටම අඟල් 4ක් පමණ ඉහළ ගොස් ඇති බවයි චන්ද්‍රිකා දත්ත මත පදනම්ව එම ආයතනය සිදු කළ විශ්ලේෂණයකින් පෙන්වා දෙන්නේ.