ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී ඊයේ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලිමුනේ, තොට්ටවේලි, සවුද්බාර් සහ එළුතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.
සැකකරුවන් සන්තකයේ තිබී ඩිංගි යාත්‍රා 04 ක් සහ කිමිදුම් උපකරණද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.










