දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගය අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නියමිත දුම්රිය අවලංගු කිරීම සහ වේලාව සංශෝධනය කිරීම අදත් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව මරදාන සිට ගාල්ල බලා දහවල් 12.10 ට ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කර තිබෙනවා.
එමෙන්ම ගාල්ල සිට අද උදෑසන 5 ට කොළඹ බලා ධාවනය වීමට තිබූ දුම්රිය, පැය එක හමාරක් ප්‍රමාද වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ.