ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් එළඹෙන අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩකයෙකුම වන AM Ghazanfar වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.
මෙම ආබාධය නිසා Ghazanfar හට ශූරයින්ගේ කුසලානය ද අහිමි වී තිබෙනවා.
මූජීබ් අවසන් වරට අයි.පී.එල් තරගාවලියකට ක්‍රීඩා කළේ 2021 වසරේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙනුයි.
ඔහු මේ දක්වා අයි.පී.එල් තරග 19 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු ගණන 19 ක් වන අතර ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකටයි ඔහු මුම්බායි කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.