රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණි නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට විවිධ පාර්ශව සඳහන් කරන බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ අනුව එලෙස නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇත්නම් ඊට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.