සමගි ජනබලවේගයෙන් කොළඹ මහ නගර සභාව සදහා තරඟවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස් කර ගෙන තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදු කරනු ලබන බාධා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.