මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේදී පසුගිය 01 වැනිදා මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරනු ලබන පුද්ගලයෙක් තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ආගරපතන පොලිසිය වෙත භාරදී තිබෙනවා.
ආගරපතන පොලිසිය වෙත භාරදුන් සැකකරු ඊයේ(03) දින දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මීටියාගොඩ පොලිසිය වෙත භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය ආගරපතන පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙලෙස මීටියාගොඩ පොලිසිය වෙත භාරදෙන ලෙස නියෝග කරනු ලැබුවේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් ළහිරු සම්පත් නමැති 32 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරු සිය බිරිඳගේ නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැලසුමක් දියත් කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.