මීගමුවේ ප්‍රදේශ කිහිපයකට 7න දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, හෙට පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.
ඒ අනුව පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇති.
මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් සදහන් කළා.










