පොසොන් උත්සව සමයේදී මිහින්තලය වෙත පැමිණෙන වාහන ගාල් කිරීමේදී ඒ සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමගින් රාජ්‍ය පොසොන් උත්සව කමිටුවේ යම් මතභේදකාරී තත්ත්වයක් මතුව ඇති බවට වාර්තාවනවා.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය හෙට(07) සිට මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මෙලෙස වාහන ගාල් කිරීමේදී මුදල් අය කළ යුතු බවට යෝජනා කර ඇති අතර ඊට මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විරෝධය පළ කර තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ වාහල් ගාල් කිරීමට මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩනොකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තමන්ට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති බවට සභාපතිවරයා පැවසූ බවයි වාර්තා වන්නේ.