රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16ක් වශයෙන් සකස් කර ඇසුරුම් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සොයාගෙන තිබෙනවා.
සැකකරු ඊයේ පෙරෙවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිට තිබෙනවා.
එහිදී එම පුද්ගලයාගේ ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
පරික්ෂා කිරීම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් සදහන් කලේ.