අද වනවිට මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 92% ක්ම ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .
ඔහු මේ බව කියා සිටියේ වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 356 ක වියදමින් වවුනියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ ඇසුරුම් මධ්‍යස්ථානයද විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.