මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා, මියන්මාර සහ තායිලන්ත රජයයන්හි සහයෝගයෙන් මෙම පිරිස බේරා ගැනීමට හැකිව තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සිදු කළ අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්විමකින් අනතුරුවයි ඔවුන් මුදා ගැනීමට සමත්ව ඇත්තේ..
මේ සඳහා සහාය දැක්වු සියලු අංශ වෙත විදේශ අමාත්‍යාංශය සිය කෘතඥතාව පළ කර තිබෙනවා..